Tuesday, June 17, 2014

කන්තාවාදියෙක් කියන්නේ කාටද?

කන්තාවාදියෙක් කියන්නේ කවුද කියල අර්ථකතන රාශියක් තියෙනවා. සරලව මට දැනෙන හැටියට කාන්තාවාදියෙක් කියල කියන්නේ ගැහැණු හා පිරිමි යන දෙපාර්ශවයට ඔවුන්ගේ ජීව විද්‍යාත්මක හෝ සමාජ ලිංගය නොතකා සමාන අයිතිවාසිකම් ලබාදීමය. 

ලෝකයේ බොහෝ සමාජ ක්‍රියාත්මක වන්නේ පීතෘ මුලික සකස්කඩකින්ය. පවුලේ ප්‍රධානියා පියා ය. පවුලේ මුල් තැන ලැබෙන්නේ බොහෝ විට පිරිමි දරුවන්ටය. මෙම කුටුම්භ ආකෘතිය නිසා ගැහැණු ගතියට හෝ කාන්තා සමාජ ලිංගයට ලැබෙන්නේ අඩු තැනකි. 

ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහි වුයේ ශ්‍රී ලංකාවෙනි, එනමුදු එය සමස්ත ශ්‍රී ලංකේය ජන සමාජයේ ප්‍රති රූපනයක් යයි කිව නොහැක.

මොනාලිසා හිනාව
යකඩ සුරංගනාවියෝ 

Saturday, June 14, 2014

කන්තාවාදියාගේ ප්‍රවේශය..

අද ලෝකයේ සමාජ වෙබ් අඩවි වල ආකර්ශනීය ව්‍යප්තියත්, බ්ලොගේ අඩවිවලට ජනතාව දක්වන උනන්දුව නිසාත්, සමාජ සුභසාධනය උදෙසා සවකීය හඬ අවදි කිරීමට මෙකි මාධ්‍ය යොදාගැනීමට මම උත්සහ දරමි. සිංහල භාෂාවෙන් බ්ලොග් කරනයේ යෙදීම් මට ඉමහත් සතුටක් ගෙන දෙයි. උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය පසු සිංහල භාෂාවෙන් ලිවීම සිදු වූයේ කලාතුරකිනි. 

කෙසේනමුත්, මෙම වෙබ් අඩවිය හරහා මම උත්සහ කරන්නේ, කාන්තාවාදය පිලිබඳ ශ්‍රී ලංකේය ජන සමාජයේ උනන්දුවක් ඇති කිරීමයි. මා කාන්තාවාදය යනුවෙන් අදහස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන feminism යනුවෙන් හඳුන්වන විෂය යි. මා මීට පෙර ස්ත්‍රී වාදය යනුවෙන් යෙදුමක් පිලිබඳ අසා ඇත. ඒ නමුදු එය feminism වශයෙන් අර්ථ දක්වන්නට නොහැකි බව මගේ මතය යි. 

මට ශ්‍රී ලංකේය ජන සමාජයේ කාන්තාව පිලිබඳ හෝ කන්තවාදී අදහස් පිලිබඳ ඇති දැනුම අල්ප වන්නට පුළුවන්, එනමුත් මගේ ව්‍යායාමය මේ සම්බන්දයෙන් කරුණු තව දුරටත් මෙම බ්ලොග් අඩවිය හරහා විමසීම හා සාකච්චා කිරීමයි. කෙදිනක හෝ ශ්‍රී ලංකාවේ කාන්තවදී දේශපාලන දැක්මක් ස්ථාපිත කිරීම මගේ ප්‍රධාන අරමුණයි. 

ඔබ සැමට ආයුබෝවන්!!!

සමන්ත වික්‍රමසිංහ
ඇමෙරිකා එකසත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිට ...